One Nation නායිකා Pauline Hanson ලන්ඩනයේ පැවති Conservative Political Action Conference හෙවත් CPAC සමුළුව අමතා තිබෙනවා.
“The Australian Fight Back” යන මාතෘකාව යටතේ පැවති ඇයගේ කතාවට පුද්ගලයින් 120ක් පමණ සහභාගී වී ඇති අතර, ශාලාවේ ආසනවලින් හතරෙන් එකකටත් අඩු ප්‍රමාණයක් පිරී තිබූ බවයි වාර්තා වන්නේ.
එහිදී Hanson ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ මට්ටම, රජයේ පරිසර ප්‍රතිපත්ති සහ “woke” සංස්කෘතිය දැඩි ලෙස විවේචනය කළා.
ලන්ඩනයේ බහුසංස්කෘතික ස්වභාවය පිළිබඳව ද ඇය අවධානය යොමු කරමින්, ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍යය ගමන් කරන දිශාවට වසර 5ක් හෝ 10ක් පසුපසින් සිටින බව ප්‍රකාශ කර තිබෙනවා.
සති දෙකකට ආසන්න කාලයක් බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ සංචාරයක නිරත වූ Hanson එය “කරුණු සොයා බැලීමේ සංචාරයක්” ලෙසයි විස්තර කර තිබුණේ.
මෙම සංචාරයේදී ඇය හිටපු බ්‍රිතාන්‍ය අගමැති Liz Truss සහ දේශපාලන ක්‍රියාකාරිනී Holly Vallance හමුවී ඇති අතර, right-wing activist Tommy Robinson සමඟ podcast එකකට එක්වීම සම්බන්ධයෙන් ද විවේචන එල්ල වී තිබෙනවා.
මේ අතර Hanson ඉදිරි දිනවලදී නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතයි.









