ලෝක ප්‍රසිද්ධ ගායක Bruno Mars ඔහුගේ record-breaking The Romantic Tour සමඟ 2027දී Melbourne වෙත පැමිණීමට නියමිතයි.
Bruno Mars Melbourne හි Marvel Stadium හිදී ලබන වසරේ පෙබරවාරි 19 සහ 20 යන දිනවල ප්‍රසංග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ප්‍රසංග සඳහා සාමාන්‍ය ප්‍රවේශපත්‍ර අලෙවිය සැප්තැම්බර් 4 වැනිදා පස්වරු 2ට Melbourne වේලාවෙන් ආරම්භ වනවා.
ඊට පෙර fan presale අවස්ථාව සැප්තැම්බර් 2 වැනිදා පස්වරු 2ට ආරම්භ වන අතර, ඒ සඳහා Ticketmaster හරහා අගෝස්තු 30 මධ්‍යම රාත්‍රියට පෙර ලියාපදිංචි විය යුතුයි.
මෙවර Bruno Mars සමඟ Tyla විශේෂ ආරාධිත ගායිකාවක් ලෙසත්, Anderson .Paak – DJ Pee .Wee ලෙසත් Australian shows සඳහා එක්වීමට නියමිතයි.
Bruno Marsගේ මෙම සංචාරය දැනටමත් Ticketmaster ඉතිහාසයේ එක් දිනකදී වැඩිම ප්‍රවේශපත්‍ර අලෙවියක් වාර්තා කළ tour එකක් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව, Bruno Marsගේ Melbourne ප්‍රසංග සඳහා ප්‍රවේශපත්‍ර ඉල්ලුම ඉතා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, රසිකයන්ට presale අවස්ථාව මග නොහැරීමට දැන්ම සූදානම් වන ලෙස දැනුම් දී තිබෙනවා.









