ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 25ත් 34ත් අතර තරුණයන්ගේ නිවාස හිමිකාරීත්වය වසර 80කින් වාර්තා වූ පහළම මට්ටමට වැටී තිබෙනවා.
Anglicare Australia නිකුත් කළ නව වාර්තාවකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.
නිවාස මිල සහ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් බොහෝ තරුණයන් තමන්ගේම නිවසක් මිලදී ගැනීමේ බලාපොරොත්තුව අත්හරිමින් සිටින බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.
අස්ථාවර රැකියා, අඩු වැටුප් සහ නිවාස තැන්පතුවක් ඉතිරි කරගැනීමට දිගු කාලයක් ගතවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී තිබෙනවා.
අවුරුදු 35ට අඩු අඩු ආදායම්ලාභී කුලී නිවැසියන්ගෙන් අඩකට ආසන්න පිරිසක් කුලී ගෙවීමේ දැඩි පීඩනයකට මුහුණ දෙනවා.
Youth Allowance ලබන තනි පුද්ගලයෙකුට දැරිය හැකි මිලකට ලබාගත හැකි එකදු කුලී නිවසක්වත් රට පුරා නොමැති බවත් වාර්තාවේ සඳහන්.
තරුණයන්ට ලැබෙන Centrelink දීමනා වැඩි කිරීම සහ පරම්පරා අතර පවතින ආර්ථික අසමානතාව අඩු කිරීමට බදු ක්‍රමය සංශෝධනය කිරීම අවශ්‍ය බව Anglicare Australia පෙන්වා දෙනවා.
#Australia #HousingCrisis #FirstHomeBuyers #YoungAustralians #CostOfLiving #AusLankaTV









