ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා.
වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව ඔහුගේ ගුවන් ගමන් සිහිනයේ ආරම්භය බවයි රොෂේන් පවසන්නේ.
මවට නවසීලන්තයේ රැකියාවක් ලැබීමෙන් පසු ඔහු ඇය සමඟ Auckland වෙත සංක්‍රමණය වී තිබෙනවා.
පාසල් සමයේදී ගුවන් නියමුවෙකු වීමට සිහින දුටු ඔහු, වයස අවුරුදු 17දී Tomahawk වර්ගයේ ගුවන් යානයක් පියාසර කිරීමට අවස්ථාව හිමිකරගෙන තිබුණා.
පසුව Auckland විශ්වවිද්‍යාලයෙන් වසර හතරක ඉංජිනේරු උපාධියක් සම්පූර්ණ කළ ඔහු Fisher & Paykel Appliances සමාගමේද සේවය කර තිබෙනවා.
2024 ඔක්තෝබර් මාසයේදී Royal New Zealand Air Force නියමු පුහුණු වැඩසටහනට තෝරාගත් රොෂේන්, මේ වනවිට T-6C Texan II ගුවන් යානය පියාසර කරමින් පුහුණුව ලබනවා.
තවත් මාස කිහිපයකින් නිල නියමු පියාපත් හිමිකරගැනීමට සූදානම් වන ඔහුගේ මීළඟ සිහිනය වන්නේ C-130J Hercules ගුවන් යානය පියාසර කිරීමයි.
Source – The Australia Today
#RoshaneMendis #SriLankan #NewZealand #RoyalNewZealandAirForce #Aviation #ProudMoment #AusLankaTV









