වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා.
2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය කර ඇති බවයි විගණන වාර්තාවකින් හෙළිවී තිබෙන්නේ.
මෙම අමතර ගාස්තුවෙන් ලැබෙන මුදලින් 60%කට ආසන්න ප්‍රමාණයක් Melbourne හි Suburban Rail Loop East ව්‍යාපෘතිය සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇති බව සඳහන්.
එම ගාස්තුව මගින් ඉදිරි වසර කිහිපය තුළ ඩොලර් බිලියන ගණනක මුදලක් එකතු කරගැනීමට රජය අපේක්ෂා කරන බවත් වාර්තාවේ දැක්වෙනවා.
කෙසේ වෙතත්, මෙම අමතර ගාස්තුව පිළිබඳව පොදු ප්‍රවාහන භාවිත කරන ජනතාවට පැහැදිලිව දැනුම් දී නොතිබූ බව විගණකාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
මේ අතර Suburban Rail Loop East ව්‍යාපෘතියේ වියදම සහ එය නියමිත කාලයට අවසන් කළ හැකිද යන්න පිළිබඳවත් විගණන වාර්තාවෙන් ප්‍රශ්න මතුකර තිබෙනවා.
මේ හේතුවෙන් පොදු ප්‍රවාහන ගාස්තු අය කිරීම සහ එම මුදල් ව්‍යාපෘති සඳහා යොදාගන්නා ආකාරය පිළිබඳව Victoria රජයට වැඩි පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස ඉල්ලීම් එල්ල වෙමින් පවතිනවා.









