එළඹෙන ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් වික්ටෝරියානු ජනතාව සඳහා නොමිලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අගමැති Ben Carroll පවසනවා.
වසර 3 ක් ඇතුළත ඩොලර් මිලියන 230ක පිරිවැයකින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ, ප්‍රාන්තය පුරා වසරේ දින 365 පුරාම ක්‍රියාත්මක වන රජයේ දන්ත සායන 10 ක් ස්ථාපිත කිරීමට නියමිතයි.
එමගින් පෙර වේලාවන් වෙන්කරගැනීමකින් තොරව (Walk-in) දත් පිරවීම්, Root Canals සහ දත් ගැලවීම් ඇතුළු සියලුම සේවාවන් නොමිලේ ලබාගත හැකි වනවා.
වැඩිහිටියන්ට හෝ ළමයින්ට appointments අවශ්‍ය නොවන අතර සායනවලට වාර්ෂිකව පුද්ගලයින් 100,000ක් දක්වා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
කෙසේ වෙතත්, මෙම සායන සඳහා අවශ්‍ය වෛද්‍ය සහ සහායක කාර්ය මණ්ඩල සොයාගැනීම සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි බවටයි Greens පක්ෂය අනතුරු අඟවා සිටින්නේ.









