ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
Griffith විශ්වවිද්‍යාලයේ නව පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ, එවැනි බද්දක් හඳුන්වා දුන්නොත් සිසිල් බීම භාවිතය සියයට 24කින් පමණ අඩු විය හැකි බවයි.
ඉදිරි වසර 25 තුළ දත් දිරායෑමේ සිදුවීම් මිලියන 3.7ක් වළක්වාගත හැකි බව ද පර්යේෂකයන් පවසනවා.
එමගින් විදුරුමස් රෝගීන් 191,000ක් සහ සම්පූර්ණයෙන් දත් අහිමිවීමේ සිදුවීම් 115,000ක් වළක්වාගත හැකි බවට ගණන් බලා තිබෙනවා.
මෙම බද්ද හඳුන්වා දුන්නොත් පළමු මූල්‍ය වසර දෙකේදී රජයට ඩොලර් බිලියන 1.4කට ආසන්න ආදායමක් ලැබිය හැකියි.
එම මුදල් දන්ත වෛද්‍ය සේවා සහ අනෙකුත් සෞඛ්‍ය වැඩසටහන් සඳහා යොදාගත හැකි බවයි පර්යේෂකයන් යෝජනා කරන්නේ.
කෙසේවෙතත්, අඩු ආදායම්ලාභී පවුල්වලට තවත් මූල්‍ය බරක් ඇතිවිය හැකි බව පවසමින් බීම නිෂ්පාදන ක්ෂේත්‍රය මෙම යෝජනාවට විරුද්ධත්වය පළකර තිබෙනවා.
Source – SBS News
#Australia #SugarTax #SoftDrinks #HealthNews #CostOfLiving #AusLankaTV









