වික්ටෝරියා ප්‍රාන්තයේ Community Pharmacist Program වැඩසටහන තවත් පුළුල් කර තිබෙනවා.
ඒ අනුව අගෝස්තු මාසයේ සිට කුරුලෑ සහ dermatitis තත්ත්ව හදිසියේ උත්සන්න වූ විට ප්‍රතිකාර ලබාදීමට සුදුසුකම් ලත් ඖෂධවේදීන්ට අවසර හිමිවෙනවා.
මේ සඳහා මුලින් වෛද්‍යවරයෙකු හමුවී prescription එකක් ලබාගැනීම අවශ්‍ය වන්නේ නැහැ.
මෙම සේවාව ලබාගත හැක්කේ වැඩසටහනට සම්බන්ධ වී සිටින, විශේෂ පුහුණුව සම්පූර්ණ කළ ඖෂධවේදීන් සිටින pharmaciesවලින් පමණයි.
මුත්‍රා ආසාදන, shingles, impetigo, psoriasis සහ සුළු මාංශ පේශි වේදනාව ඇතුළු තත්ත්ව සඳහාද මෙම වැඩසටහන යටතේ ප්‍රතිකාර ලබාගත හැකියි.
ජූලි මාසයේ සිට සුදුසුකම් ලත් ඖෂධවේදීන්ට කාන්තාවන් සඳහා උපත් පාලන පෙති ආරම්භ කිරීමටද අවසර ලබාදී තිබෙනවා.
වැඩසටහන යටතේ ඖෂධවේදීන්ට ලබාදිය හැකි සාමාන්‍ය සෞඛ්‍ය ප්‍රතිකාර සහ සේවා සංඛ්‍යාව 23ක් දක්වා පුළුල් කිරීමට වික්ටෝරියා රජය කටයුතු කරමින් සිටිනවා.









