One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
ඔහු සඳහන් කළේ පක්ෂයේ මූලික සැලසුම වූ ශුද්ධ විදේශ සංක්‍රමණික සංඛ්‍යාව 130,000 දක්වා අඩු කිරීමේ ප්‍රතිපත්තියට පැසිෆික් කලාපීය ශ්‍රමිකයන්, වයෝවෘද්ධ රක්‍ෂණ හෙදියන් සහ අනෙකුත් ඉහළ ඉල්ලුමක් සහිත නිපුණ ශ්‍රමිකයන් ඇතුළත් කර නොතිබූ බවයි.
එම ක්ෂේත්‍රයන්හි අතිරේක 100,000ක පිරිස ද එකතු වූ විට සමස්ත සංක්‍රමණික සංඛ්‍යාව 230,000 දක්වා ඉහළ යන අතර, එය රජයේ අයවැය පුරෝකථනය වූ 225,000ට ඉතා ආසන්න වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ෆෙඩරල් අමාත්‍ය ක්‍රිස් බෝවන් පවසා සිටියේ, වන් නේෂන් පක්ෂයේ නව ගණනය කිරීම් වත්මන් ලේබර් පක්ෂ රජයේ ඉලක්කයන්ට සමාන වන බවයි.
එබැවින් එම පක්ෂය ද මේ වන විට රජයේ සංක්‍රමණික වැඩපිළිවෙල අනුමත කරන බව පැහැදිලි වන බව ඔහු පෙන්වා දෙනවා.









