ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වී ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
ජූලි මාසයේ රැකියා සංඛ්‍යාව 16,000කින් පමණ අඩුවී ඇති අතර, විරැකියා අනුපාතය සියයට 4.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය 2021 අවසානයෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටමක් වන අතර, Reserve Bank of Australia හි වසර අවසාන අපේක්ෂාවටද කලින් මෙම මට්ටමට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් ඉහළ දැමීමේ පීඩනය තරමක් අඩුවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.
කෙසේ වෙතත් උද්ධමනය තවමත් RBA ඉලක්ක පරාසයට වඩා ඉහළ මට්ටමක පවතින බැවින්, තවත් පොලී අනුපාත ඉහළ දැමීම සම්පූර්ණයෙන් බැහැර කර නොමැත.
RBA මේ වනවිට cash rate එක සියයට 4.35ක මට්ටමේ පවත්වාගෙන යන අතර, ඉදිරි උද්ධමන සංඛ්‍යාලේඛන සහ රැකියා වෙළඳපොළේ තත්ත්වය අනුව RBA හි මීළඟ පොලී තීරණය තීරණාත්මක වනු ඇති.









