උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

පැසිෆික් කලාපය හරහා ඔස්ට්‍රේලියාවට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ නවසීලන්ත පොලිසිය එක්ව කොලොම්බියාවේදී විශේෂ අන්තර්ජාතික ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායමක් (IJIT) ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

AFP කොමසාරිස් ක්‍රිසි බැරට් ප්‍රකාශ කළේ, කොලොම්බියානු බලධාරීන්, ඇමරිකානු නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන, ඉන්ටර්පෝල් සහ මෙක්සිකෝව ඇතුළු පැසිෆික් කලාපීය නියෝජිතයන් සමඟ එක්ව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි.

Banner 01

කෙසේ වෙතත්, මෙම ජාත්‍යන්තර මෙහෙයුමේ අයවැය, ක්‍රියාකාරී ඉලක්ක සහ සාර්ථකත්වය මැන බලන නිර්නායකයන් ඇතුළත් ලිපිගොනු 60ක් නිකුත් කිරීම ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Advertisement

ජාතික ආරක්ෂාව සහ ජාත්‍යන්තර සබඳතාවලට සිදුවිය හැකි හානිය ඊට හේතුව ලෙසයි ඔවුන් දක්වා ඇත්තේ.

මේ අතර, ඔස්ට්‍රේලියාව ලබාදෙන බුද්ධි තොරතුරු, පැසිෆික් හා කැරබියන් කලාපයේ සැකකටයුතු මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවලට ඇමරිකාව මගින් එල්ල කරනු ලබන මාරාන්තික ගුවන් ප්‍රහාර සඳහා භාවිත විය හැකි බවට ග්‍රීන්ස් පක්ෂයේ සෙනෙට් සභික David Shoebridge සහ හිටපු AFP ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කනස්සල්ල පළ කරනවා.

Advertisement

මෙවැනි ප්‍රහාර නීති විශාරදයන් විසින් හඳුන්වනු ලබන්නේ අධිකරණමය ක්‍රියාමාර්ගවලින් බාහිරව සිදුකරන ඝාතනයන් ලෙසයි.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ වාර්ෂික මත්ද්‍රව්‍ය භාවිතය ටොන් 26.8ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක, මහජන මුදල් වැයවන මෙවැනි ව්‍යාපෘතිවල විනිවිදභාවය අත්‍යවශ්‍ය බව විපක්ෂයේ Shadow ස්වදේශ කටයුතු අමාත්‍ය Jonno Duniam ද අවධාරණය කර සිටිනවා.


උණුසුම් පුවත්

මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු...

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින විදේශීය හෙදියන්, ගුරුවරුන් සහ වෙනත් දක්ෂ සේවකයන්ට වීසා තීරණයක් ලබාගැනීමට මාස 12ක් දක්වා බලා සිටීමට සිදුවිය...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways (අද) අගෝස්තු 25 සිට කොළඹට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව...

Queensland හි Biloela ප්‍රදේශයේ පවතින බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව අද නව වාර්තාවක් මගින් අවධානය යොමු කර තිබෙනවා. ජනගහනය 6,000කටත්...

සිඩ්නි ගුවන් තොටුපළේ මාසයක් ඇතුළත සිදුවූ‍ හතරවැනි අනතුරුදායක ගුවන් යානා සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

2024 වසරේදී සිදුවූ Luke Briggsගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි වික්ටෝරියා පොලිස් නිලධාරීන් දෙදෙනා නිදහස් කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය තීරණය...

ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල cigarette packet එකක මිල ඩොලර් 22ක් පමණ දක්වා අඩු කිරීමට Pauline Hanson ඉදිරිපත් කළ යෝජනාවට ජනතා සහය...

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ජාත්‍යන්තර මත් ජාවාරම් මැඩලීමට AFP අලුත් මෙහෙයුමක

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පහළට – පොලී අනුපාත ඉහළ යාමේ අවදානම තවමත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙය ඉදිරි

Read More »

Murray-Darling වෙනුවෙන් වික්ටෝරියාවට $ මිලියන 140ක දැවැන්ත සහනයක්

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. ෆෙඩරල් රජයේ ‘Sustainable

Read More »

Sydney ගුවන් තොටුපළේ දමා ගිය උපකරණවලින් සොයාගත් ළමා ලිංගික අපරාධකරු

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා ගැනීමට Australian Federal Police සමත්ව

Read More »

Woolworths කොටස් මිල ඉහළට

ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ආහාර අලෙවිය ඉහළ

Read More »

සැප්තැම්බර් 20 සිට Centrelink දීමනා ඉහළ යන්නේ මෙහෙමයි

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ලබන සැප්තැම්බර් 20 වැනිදා

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom