ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා.
තමන් භාවිත කරන ජාලය ක්‍රියා නොකරන අවස්ථාවක, දුරකථනය වෙනත් ලැබෙන ජාලයකට සම්බන්ධ වී 000 ඇමතුම සම්බන්ධ කිරීමට උත්සාහ කරනවා.
000 ඇමතුම සම්බන්ධ නොවුණොත්, ටික වේලාවකට පසු නැවත ඇමතුමක් ලබාදෙන ලෙසයි උපදෙස් දී ඇත්තේ.
අවශ්‍ය නම් වෙනත් ජංගම දුරකථනයක් භාවිත කර නැවත උත්සාහ කළ හැකියි.
සමහර අවස්ථාවල වෙනත් ජාලයකට සම්බන්ධ වීමට තත්පර කිහිපයක් හෝ වැඩි කාලයක් ගතවිය හැකියි.
කිසිදු ජංගම දුරකථන ජාල ආවරණයක් නොමැති ස්ථානයකදී 000 ඇමතුමක් ලබාදිය නොහැකි බවයි බලධාරීන් පවසන්නේ.
ජංගම දුරකථනයකින් 112 අංකයද හදිසි සේවා සඳහා භාවිත කළ හැකි බව ජනතාවට සිහිපත් කර තිබෙනවා.









