බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමේ වැඩපිළිවෙළ යටතේ රජය මෙම වෙනස සලකා බලමින් සිටි බවයි වාර්තා වන්නේ.
දැනට බ්‍රිතාන්‍ය තරුණයන්ට විශේෂ රැකියා කොන්දේසි නොමැතිව Working Holiday වීසා මත වසර තුනක් දක්වා ඔස්ට්‍රේලියාවේ රැඳී සිටිය හැකියි.
අනෙකුත් බොහෝ රටවල තරුණයන්ට පළමු වසරෙන් පසු වීසා කාලය දීර්ඝ කරගැනීමට Regional හෝ Remote ප්‍රදේශවල නියමිත රැකියාවල යෙදීම අවශ්‍ය වනවා.
බ්‍රිතාන්‍ය Backpackers සංඛ්‍යාව 2023–24 වසරේ 47,238 සිට 2024–25 වසරේ 79,412 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ලබාදී ඇති මෙම වරප්‍රසාදය ඔස්ට්‍රේලියා–බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමේ කොටසක්.
එම ගිවිසුමට ගරු කරන බවත් බ්‍රිතාන්‍ය Backpackersලාට Regional රැකියා කොන්දේසියක් පනවන්නේ නැති බවත් අගමැතිවරයා අද තහවුරු කළා.
සාමාන්‍යයෙන් අනෙකුත් සුදුසු රටවල තරුණයන්ට දෙවැනි සහ තුන්වැනි Working Holiday වීසා ලබාගැනීම සඳහා Regional ප්‍රදේශවල මාස 3ක් සහ මාස 6ක් නියමිත රැකියාවල නිරතවීම අවශ්‍ය වුවද, බ්‍රිතාන්‍ය Passport හිමියන්ට එම කොන්දේසියෙන් තොරව වසර තුනක් දක්වා ඔස්ට්‍රේලියාවේ රැඳී සිටිය හැකි වනවා.









