ඔස්ට්‍රේලියාවේ හිටපු ආගමික පූජකවරයෙකු වන ගයි නෝමන් හාචර්ට ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් වසර 6යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
79 හැවිරිදි හාචර්, ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය යැවීම, ලබාගැනීම සහ ඉල්ලා සිටීම සම්බන්ධ චෝදනා 8ක් සහ යෞවනයන් ලිංගික ක්‍රියා සඳහා යොමු කිරීමට උත්සාහ කළ චෝදනා 3ක් පිළිගෙන තිබෙනවා.
අධිකරණයට ඉදිරිපත් වූ තොරතුරු අනුව, ඔහු වයස අවුරුදු 5ත් 15ත් අතර ළමුන් සම්බන්ධ ලිංගික අපයෝජන ද්‍රව්‍ය අන්තර්ජාලය හරහා හුවමාරු කරගෙන තිබුණා.
එමෙන්ම ඔහු “Ben” නමින් අන්තර්ජාලයේ හඳුනාගත්, වයස අවුරුදු 14–15ක් පමණ යැයි තමන් විශ්වාස කළ පුද්ගලයෙකු සමඟ ලිංගික හමුවක් සඳහා $50ක් ලබාදීමටත් ඉදිරිපත් වී තිබුණා.
හාචර් එම පුද්ගලයා හමුවීමට Sydneyහි පෙන්ඩල් හිල් ප්‍රදේශයට ගොස් තිබුණත්, “Ben” ලෙස පෙනීසිට ඇත්තේ නිව් සවුත් වේල්ස්හි රහස් පොලිස් නිලධාරියෙකු බව පසුව හෙළිවුණා.
අධිකරණ විනිසුරු පිලිප් මහෝනි, හචර්ගේ ක්‍රියා දැඩි ලෙස ගොදුරුකාරී සහ බරපතළ හැසිරීමක් ලෙසයි විස්තර කර ඇත්තේ.
ඔහුට අවම වශයෙන් වසර 3ක් සිරගතව සිටීමට සිදුවන අතර, 2029 අගෝස්තු මාසයේ සිට නිදහස් වීම සඳහා සලකා බැලිය හැකි බවත්, නිදහස් වීමෙන් පසු වසර 15ක් ලියාපදිංචි ලිංගික අපරාධකරුවෙකු ලෙස නිරීක්ෂණයට යටත්ව සිටීමට සිදුවන බවත් වාර්තා වෙනවා.









