වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසර දෙක තුළ සේවකයන්ට එරෙහි තර්ජන හා බිය ගැන්වීම් සියයට 85කින් ඉහළ ගොස් ඇති බවයි Coles පවසන්නේ.
නිකුත් වූ CCTV දර්ශනවල ගනුදෙනුකරුවෙකු මිටියක් රැගෙන සේවකයෙකුට තර්ජනය කරන ආකාරයද දැක්වෙනවා.
තවත් සිදුවීමකදී ආරක්ෂක නිලධාරියෙකු පාරිභෝගිකයෙකු විසින් checkout යන්ත්‍රයක් වෙතට තල්ලු කර තිබෙනවා.
මේ හේතුවෙන් සේවකයන්ගේ ආරක්ෂාව සඳහා වික්ටෝරියානු Coles වෙළඳසැල්වල body cameras සහ ආරක්ෂක කැමරා භාවිතය වැඩි කර තිබෙනවා.
නැවත නැවත ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වන පුද්ගලයන්ට එරෙහි Workplace Protection Orders කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් එල්ල වී තිබෙනවා.
එම නීතිය 2027 ජූලි වන විට ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති නමුත්, එය ඊට පෙර ක්‍රියාත්මක කළ යුතු බවයි retail workers පවසන්නේ.









