මෙල්බන් නැගෙනහිර Westfield Knox සාප්පු සංකීර්ණයේ සිදුවූ මාරක රිය අනතුරකින් 27 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ අද දහවල් 12.45ට පමණ ඇය pedestrian crossing එකක් හරහා ගමන් කරමින් සිටියදීයි.
එහිදී මෝටර් රථය ඇය ගැටීමෙන් පසු මාර්ගයෙන් ඉවතට ගොස් එහි තිබූ අවන්හලක් වෙත කඩා වැදී තිබෙනවා.
කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, රථයේ 51 හැවිරිදි රියදුරා සහ තවත් මගියෙකු රෝහල්ගත කර තිබෙනවා.
ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවයි Ambulance Victoria පවසන්නේ.
Major Collision Investigation Unit නිලධාරීන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මෙය හිතාමතා සිදුකළ ක්‍රියාවක් නොවන බව පොලීසිය පවසනවා.
සිද්ධිය දුටු සාක්ෂිකරුවන් හෝ දර්ශන ඇති පුද්ගලයන්ගෙන් තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.









