ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රධාන නගරවල නිවසක් කුලියට ගැනීමට දැන් තනි ආදායමක් ලබන සේවකයෙකුගේ අතට ලැබෙන වැටුපෙන් අඩකටත් වැඩි මුදලක් වැය වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.
Everybody’s Home සංවිධානයේ 2026 Priced Out වාර්තාව පෙන්වාදෙන්නේ, රට පුරා සාමාන්‍ය apartment කුලිය සතියකට ඩොලර් 614ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වසරකට ඩොලර් 70,000ක් උපයන පුද්ගලයෙකුට මෙම සාමාන්‍ය කුලිය ගෙවීමට තම අතට ලැබෙන ආදායමෙන් සියයට 56ක් පමණ වැය වෙනවා.
Sydney නගරයේදී එම ආදායම ලබන පුද්ගලයෙකුගේ සතිපතා වැටුපෙන් සියයට 69ක් පමණ මධ්‍යස්ථ කුලිය සඳහා වැය වන අතර, Adelaide වැනි අඩු මිල ප්‍රදේශයකදීත් අඩකට වඩා වැය වෙනවා.
වාර්තාව පෙන්වා දෙන්නේ වසරකට ඩොලර් 130,000ක් වැනි ඉහළ ආදායමක් ලබන ඇතැම් පිරිස් පවා නිවාස කුලී පීඩනයෙන් සම්පූර්ණයෙන්ම මිදී නොමැති බවයි.
Northern Western Australia, Gold Coast සහ Sydney මේ වනවිට රටේ වඩාත්ම මිල අධික කුලී ප්‍රදේශ අතර ඉදිරියෙන් සිටින බවත් වාර්තාව සඳහන් කරනවා.
මේ තත්ත්වය හමුවේ වැඩි public සහ community housing ඉදිකිරීම, කුලී වැඩි කිරීම සීමා කිරීම සහ කුලී නිවැසියන්ට වැඩි ආරක්ෂාවක් ලබාදීම අවශ්‍ය බව Everybody’s Home සංවිධානය රජයෙන් ඉල්ලා සිටිනවා.









