වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne නගරයේ වේගයෙන් සංවර්ධනය වන බටහිර ප්‍රදේශයට නව suburb එකක් එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.
Melton East ප්‍රදේශය සංවර්ධනය කිරීමේ Precinct Structure Plan එකට Planning Minister Sonya Kilkenny අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව එම ප්‍රදේශයේ නව නිවාස 12,000කට ආසන්න ප්‍රමාණයක් සහ පාසල් හතක් ඉදිකිරීමට නියමිතයි.
සංවර්ධනය සම්පූර්ණ වූ පසු එහි ජනගහනය 36,000කට වැඩි වන අතර, රැකියා අවස්ථා 1,600ක් පමණ නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඊට අමතරව උද්‍යාන, විවෘත භූමි, සාප්පු සහ community hubs හතරක්ද ඉදිකිරීමට නියමිතයි.නව ප්‍රධාන මාර්ග තුනක්, මාර්ග මංසන්ධි 14ක් සහ පාලම් පහක් සමඟ පාපැදි සහ පදික මාර්ග පහසුකම්ද ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
වික්ටෝරියා රජය පවසන්නේ Melton East ප්‍රදේශයේ සම්පූර්ණ සංවර්ධනය සඳහා ඉදිරි වසර 20ත් 30ත් අතර කාලයක් ගතවනු ඇති බවයි.









