මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.
Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ අදාළ ඈවර කිරීමේ ආයතනය විසින් දෙමාපියන් වෙත කෙටි පණිවිඩයක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ පසුදින සිට මෙම මධ්‍යස්ථානය නැවත විවෘත නොකරන බවයි.
කාර්යාලීය වේලාවෙන් පසුව ලැබුණු මෙම ක්ෂණික දැනුම්දීම හේතුවෙන් තම දරුවන් සඳහා වෙනත් සුරැකුම් මධ්‍යස්ථානයක් සොයා ගැනීමට නොහැකිව දෙමාපියන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.
එමෙන්ම මධ්‍යස්ථානය වසා දමා ඇති බැවින් දරුවන්ගේ පෞද්ගලික ද්‍රව්‍ය පවා තවමත් ගොඩනැගිල්ල ඇතුළත පවතින බවයි වාර්තා වන්නේ.
අදාළ මධ්‍යස්ථානය වෙනත් පාර්ශවයකට විකිණීමට තිබූ සැලසුම් අසාර්ථක වීම සහ අධ්‍යක්ෂවරුන්ට තවදුරටත් පෞද්ගලිකව මුදල් යොදවා එය පවත්වාගෙන යාමට නොහැකි වීම මෙම ක්ෂණික වසා දැමීමට හේතුවී තිබෙනවා.









