ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.
බන්ධනාගාරය ඉහළින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන යානයක් නිලධාරීන් විසින් නවතා තිබෙනවා. එහි සවි කර තිබූ පැකේජයක methamphetamine, GBL සහ විශාල ප්‍රමාණයක prescription drugs සොයාගෙන තිබෙනවා.
එහිදී සිරින්ජ, glass pipe එකක්, ජංගම දුරකථනයක් සහ SIM කාඩ්පතක්ද එම පැකේජයේ තිබී හමුවී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයීමේ චෝදනා පහක් ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී තිබෙනවා.
ඔහු අගෝස්තු 25 වැනිදා Townsville Magistrates Court හමුවේ පෙනී සිටීමට නියමිතයි. බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම සේවකයන්, රැඳවියන් සහ මහජනතාවගේ ආරක්ෂාවට අත්‍යවශ්‍ය බව බලධාරීන් පවසනවා.









