Jetstar ගුවන් සේවය ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට යන මගීන්ට වැදගත් විශේෂ ගුවන් ප්‍රවේශපත්‍ර වට්ටමක් ආරම්භ කර තිබෙනවා.
මෙම “Get Onboard Sale” වට්ටම් වැඩසටහන යටතේ කොළඹ දක්වා One way ගුවන් ගමන් Australian dollars 320ට අඩු මිලකට ලබාගත හැකි අවස්ථා තිබෙන බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට සංචාරය කිරීමට බලාපොරොත්තු වන අයට මෙම වට්ටම හොඳ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.
මෙම වට්ටම් අලෙවියට දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ප්‍රවේශපත්‍ර 225,000ක් ඇතුළත් කර තිබෙනවා.
කොළඹ සමඟ Bali, Phuket සහ තවත් ජාත්‍යන්තර ගමනාන්ත රැසකටද අඩු මිල ප්‍රවේශපත්‍ර ලබාදී තිබෙනවා.
සාමාන්‍ය මගීන්ටද මෙම වට්ටම් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට අවස්ථාව ලබාදී ඇති අතර, මිල සහ ගමන් දින අනුව ගාස්තු වෙනස් විය හැකියි.
මෙම Jetstar විශේෂ වට්ටම් අලෙවිය අගෝස්තු 24 රාත්‍රී 11.59 දක්වා පවතිනවා.









