උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියානු මාධ්‍ය ක්ෂේත්‍රයට නව පියවරක් තබමින් AusLanka TV මාධ්‍ය ජාලය විසින් මෙහෙයවන AusTV අද නිල වශයෙන් ආරම්භ කෙරුණා.

AusTV නිල දියත් කිරීමේ උත්සවය සඳහා දේශපාලන නියෝජිතයින්, ප්‍රජා නායකයින්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියෝජිතයින්, සම්භාවනීය අමුත්තන් සහ ප්‍රජා සාමාජිකයින් රැසක් එක්ව සිටියා.

Banner 01

ඔස්ට්‍රේලියාව පුරා විසිරී සිටින විවිධ ප්‍රජාවන්ට වැදගත් වන පුවත්, තොරතුරු සහ සැබෑ ජීවිත කතා ඉංග්‍රීසි බසින් නව ආකාරයකින් ඉදිරිපත් කිරීම AusTV හි ප්‍රධාන අරමුණයි.

Advertisement

මෙම නිළ උත්සවයේදී AusTV හි අනාගත දැක්ම, මාධ්‍ය මෙහෙවර සහ ඉදිරියේදී ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමට නියමිත අන්තර්ගත පිළිබඳවද හඳුන්වා දෙනු ලැබුවා.

ප්‍රජාවන්ගේ හඬට වැඩි ඉඩක් ලබාදීම, ප්‍රාදේශීය කතා ඉදිරියට ගෙන ඒම සහ ජනතාවගේ දෛනික ජීවිතයට සෘජුවම බලපාන කරුණු පිළිබඳ විශ්වාසනීය හා කාලෝචිත තොරතුරු ලබාදීම AusTV හි ප්‍රධාන මෙහෙවරක් වනවා.

Advertisement

AusTV ආරම්භය, AusLanka TV මාධ්‍ය ජාලයේ ව්‍යාප්තියේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙසද සැලකෙනවා.

වසර ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ගොඩනගාගත් මාධ්‍ය සම්බන්ධතාවය තවදුරටත් පුළුල් කරමින්, ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රජාවන් වෙත ළඟාවීම මෙම නව පියවරේ අරමුණයි.

පුවත් පමණක් නොව, ප්‍රජා සිදුවීම්, ව්‍යාපාරික තොරතුරු, දේශපාලන හා සමාජ කරුණු, සම්මුඛ සාකච්ඡා සහ ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින්ට වැදගත් විවිධ වැඩසටහන් AusTV හරහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

විවිධ පසුබිම්වලින් පැමිණෙන ජනතාව අතර සම්බන්ධතාවය ශක්තිමත් කරමින්, ඔවුන්ගේ අදහස් සඳහා පුළුල් මාධ්‍ය වේදිකාවක් ලබාදීමද AusTV හි ප්‍රධාන දැක්මයි.

අද පැවති සාර්ථක නිල දියත් කිරීමත් සමඟ, AusTV ඔස්ට්‍රේලියානු මාධ්‍ය භූමිකාව තුළ විශ්වාසනීය, කාලෝචිත සහ ප්‍රජාව සමඟ සමීප මාධ්‍ය හඬක් ලෙස සිය ගමන ආරම්භ කර තිබෙනවා.

AusTV හි මෙම නව ආරම්භය, තවත් මාධ්‍ය ආයතනයක දියත් කිරීමක් පමණක් නොව, ඔස්ට්‍රේලියාව පුරා විවිධ ප්‍රජාවන් එකිනෙකට සමීප කරමින් ඔවුන්ගේ කතා රට පුරා ගෙන යන නව මාධ්‍ය ගමනක ආරම්භයක් ලෙස සනිටුහන් වෙනවා.


උණුසුම් පුවත්

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා...

ඔස්ට්‍රේලියාවේ නිකොටින් පවුචස් තහනම් කිරීමෙන් පසු, ඒවා භාවිතා කළ හිටපු දුම්පානය කරන්නන් අතර කනස්සල්ලක් මතුවී තිබෙනවා. ඇතමුන් පවසන්නේ නිකොටින් පවුචස්...

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන්...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කරන විදේශීය සිසුන් බහුතරයක් නැවත තම රටවල් වෙත යනවාද, නැත්නම් ඔස්ට්‍රේලියාව තුළම රැඳී සිටිනවාද කියන ප්‍රශ්නය නැවතත්...

ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්...

Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් සංවිධානය කළ ජනප්‍රිය “Ooshies” එකතු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන ඊයේ අවසන් වුණා. ඩොලර් 30ක් වැය කරන...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් ආරම්භ කරන ලද Pill Testing Service ක්‍රියාත්මක වී වසරක් සම්පූර්ණ කිරීම හමුවේ ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ තවත් දැවැන්ත මාධ්‍ය ඉදිරි පියවරක් තබමින් AusTV අද සිට

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom