නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
එම ප්‍රදේශවල සිටි විදේශීය සංචාරකයන් ඇතුළු සිය ගණනක් අතුරුදන් වී ඇති අතර, ඒ අතර ඔස්ට්‍රේලියානු ජාතිකයින් 34 දෙනෙකු සිටින බවටයි නේපාල සංචාරක මණ්ඩලය තහවුරු කර ඇත්තේ.
ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය Penny Wong සහ අග්‍රාමාත්‍ය Anthony Albanese සිය ශෝකය පළ කරමින් කියා සිටියේ, අදාළ ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ගේ සුවදුක් සොයා බැලීමට විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.
නේපාල අග්‍රාමාත්‍යවරයාගේ නියෝගයෙන් මුදා ගැනීමේ කටයුතු සඳහා නේපාල හමුදාව මෙන්ම හෙලිකොප්ටර් යානා යොදවා ඇති අතර, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය (IFRC) මගින් හදිසි සහනාධාර අරමුදල් වෙන් කරමින් සහන සේවා ආරම්භ කර තිබෙනවා.
මේ අතර අපදාවට ලක්වූ ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු රජය පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංක ද හඳුන්වා දී තිබෙනවා.









