ඔස්ට්‍රේලියාවේ Australian Fiduciaries Limited සමාගම කඩා වැටීමෙන් තම superannuation මුදල් අහිමි වූ පුද්ගලයන් 600කට පමණ අලුත් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා.
මෙම ආයෝජකයන්ගේ විශ්‍රාමික ඉතිරිකිරීම්වලින් ඩොලර් මිලියන 160කට ආසන්න මුදලක් අවදානමට ලක්වී තිබෙන බව සඳහන්.
මෙම සිද්ධියෙන් පසු තම මුදල් නැවත ලබාගැනීම සඳහා ආයෝජකයන් රැසක් නීතිමය සහ වන්දි ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් වී තිබෙනවා.
Australian Fiduciaries සම්බන්ධයෙන් ASIC විසින්ද විමර්ශන සහ නීතිමය පියවර ගෙන ඇති අතර, ආයෝජන කළමනාකරණයේ ගැටලු පිළිබඳ චෝදනා පරීක්ෂා කරමින් සිටිනවා.
මේ අතර, මෙවැනි සිදුවීම් හේතුවෙන් තම superannuation මුදල් ආයෝජනය කරන ආකාරය පිළිබඳව සාමාජිකයන්ට වැඩි අවධානයක් යොමු කරන ලෙස මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙනවා.
විශේෂයෙන් ඉතා ඉහළ ප්‍රතිලාභ පොරොන්දු වන ආයෝජන සහ financial advice පිළිබඳව හොඳින් පරීක්ෂා කර බැලීම වැදගත් බව අවධාරණය කෙරෙනවා.
ඒ අනුව, ඩොලර් මිලියන 160ක superannuation අර්බුදයට මුහුණ දුන් සිය ගණනකට දැන් තම මුදල් නැවත ලබාගැනීමේ බලාපොරොත්තුවක් මතුව තිබෙනවා.









