උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

වික්ටෝරියා ප්‍රාන්තයේ Retail සහ Transport සේවකයන් ආරක්ෂා කිරීම සඳහා සම්මත කළ නව Workplace Protection Order නීති සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

නව නීතිය යටතේ, සේවකයන්ට ප්‍රචණ්ඩත්වය, තර්ජන, අපයෝජනය හෝ stalking වැනි හැසිරීම් සිදුකරන පුද්ගලයන්ට අදාළ workplace එකට ඇතුළුවීම සීමා කිරීමට හෝ තහනම් කිරීමට අධිකරණයට බලය හිමිවනවා.

Banner 01

එවැනි Workplace Protection Order එකක් උපරිම වශයෙන් මාස 12ක් ක්‍රියාත්මක කළ හැකි අතර, එය උල්ලංඝනය කළහොත් වසර දෙකක් දක්වා සිරදඬුවමක් හෝ දඩයක් නියම කළ හැකියි.

Advertisement

කෙසේ වෙතත්, Australian Retail Council පවසන්නේ නීතිය තුළ interim orders හෙවත් අවසන් අධිකරණ නියෝගයක් ලැබෙන තුරු ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි තාවකාලික ආරක්ෂණ නියෝග ඇතුළත් නොවීම බරපතළ අඩුපාඩුවක් බවයි.

Retail Council ප්‍රධාන විධායක Chris Rodwell පවසන්නේ, මේ හේතුව නිසා වික්ටෝරියා නීතිය රටේ පවතින Workplace Protection Order ආකෘති අතර දුර්වලම එකක් බවට පත්ව ඇති බවයි.

Advertisement

Coles ද පෙන්වා දෙන්නේ නීතිය සම්මත වීම පිළිබඳව සතුටු වුවත්, තවමත් වැදගත් හිඩැස් පවතින බවයි. South Australia හි සමාන ආරක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් පසු තර්ජනාත්මක සිදුවීම් සියයට 16කින් අඩු වී ඇති බවද Coles සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, සේවක ආරක්ෂාව සඳහා නව නීතියක් සම්මත කළත්, එය ප්‍රමාණවත්ද යන්න පිළිබඳ වික්ටෝරියානු රජයට සහ retail කර්මාන්තයට අතර විවාදය තවදුරටත් උණුසුම් වෙමින් පවතිනවා.


උණුසුම් පුවත්

නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක්...

සිඩ්නි ගුවන් තොටුපළේ මාසයක් ඇතුළත සිදුවූ‍ හතරවැනි අනතුරුදායක ගුවන් යානා සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා....

පැසිෆික් කලාපය හරහා ඔස්ට්‍රේලියාවට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ නවසීලන්ත පොලිසිය එක්ව කොලොම්බියාවේදී විශේෂ...

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින විදේශීය හෙදියන්, ගුරුවරුන් සහ වෙනත් දක්ෂ සේවකයන්ට වීසා තීරණයක් ලබාගැනීමට මාස 12ක් දක්වා බලා සිටීමට සිදුවිය...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා...

ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...

බටහිර ඔස්ට්‍රේලියාවේ Kalgoorlie-Boulder ප්‍රදේශයේදී නිරුවතින් ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකුට සිරගත නොකර අත්හිටවූ දඬුවමක් ලබාදී තිබෙනවා. 26 හැවිරිදි Brian Charles...

Queensland හි Biloela ප්‍රදේශයේ පවතින බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව අද නව වාර්තාවක් මගින් අවධානය යොමු කර තිබෙනවා. ජනගහනය 6,000කටත්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා නව සේවක ආරක්ෂණ නීතිවලට දැඩි විරෝධයක්

වික්ටෝරියා නව සේවක ආරක්ෂණ නීතිවලට දැඩි විරෝධයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Retail සහ Transport සේවකයන් ආරක්ෂා කිරීම සඳහා සම්මත කළ නව Workplace Protection Order නීති සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. නව නීතිය යටතේ,

Read More »

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom