මෙල්බන් Campbellfield ප්‍රදේශයේ පැරණි Ford කර්මාන්තශාලාව ඩොලර් බිලියන 1.1ක දත්ත මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට යෝජනා වී තිබෙනවා.
ගොඩනැගිලි හයකින් සමන්විත එය MCG ක්‍රීඩාංගණය මෙන් දස ගුණයකටත් වඩා විශාල වනු ඇති.
සම්පූර්ණ ව්‍යාපෘතියට මෙගාවොට් 336ක විදුලි බලයක් අවශ්‍ය වනු ඇතැයි සඳහන්.
නිවාසවලට මීටර් 260ක් පමණ ආසන්නයෙන් ඉදිකෙරෙන නිසා ශබ්දය, විදුලි ඉල්ලුම සහ පරිසර බලපෑම් පිළිබඳ ප්‍රදේශවාසීන් බිය පළ කරනවා.
තමන්ට ව්‍යාපෘතිය පිළිබඳ නිසි දැනුම්දීමක් හෝ අදහස් දැක්වීමේ අවස්ථාවක් නොලැබුණු බවද ඔවුන් පවසනවා.
සම්පූර්ණ ව්‍යාපෘතියෙන් රැකියා 255ක් පමණ ලැබෙන අතර, එය Ford කර්මාන්තශාලාවේ පැවති රැකියා 5,000ට සාපේක්ෂව ඉතා අඩු සංඛ්‍යාවක්.
යෝජනාව තවම අනුමත කර නොමැති අතර වික්ටෝරියානු සැලසුම් අමාත්‍යවරියගේ සලකා බැලීම යටතේ පවතිනවා.









