ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සහ මෙඩිකෙයා සේවාවලට අදාළ වැදගත් අලුත් තොරතුරු කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් අද ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු පවසන්නේ වයස්ගත ජනගහනය වේගයෙන් වැඩිවීම නිසා වැඩිහිටි සත්කාර ඇඳන් සහ වැඩිහිටි සත්කාර පහසුකම් සඳහා ඇති ඉල්ලුම දැඩි ලෙස ඉහළ යමින් ඇති බවයි.
විශේෂයෙන් South Australiaහි වැඩිහිටි සත්කාර ඇඳක් නොමැතිව රෝහල්වල රැඳී සිටින පුද්ගලයන් 470කට වැඩි පිරිසක් සිටින බව සම්මුඛ සාකච්ඡා සඳහන් වුණා.
රජය නව වැඩිහිටි සත්කාර පහසුකම් වැඩි කිරීමට සහ තම නිවසේම රැකවරණය ලබාගන්න පුළුවන් packages ගණන වේගයෙන් ඉහළ දැමීමට කටයුතු කරන බව මාක් බට්ලර් පවසනවා.
ඔස්ට්‍රේලියාව පුරා දැනට මෙඩිකෙයාර් හදිසි සත්කාර සායන 137ක් ක්‍රියාත්මක වන අතර, ඒවා වසරකට රෝගීන් මිලියන 2ක් පමණ බලාගැනීමට අපේක්ෂා කරනවා.
මෙම සායන හේතුවෙන් සාමාන්‍යයෙන් රෝහල් හදිසි ප්‍රතිකාර අංශයට යාමට සිදුවන රෝගීන් විශාල පිරිසකට වෙනත් නොමිලේ ප්‍රතිකාර විකල්පයක් ලැබෙනවා.
ඒ සමඟ පොදුරාජ්‍ය මණ්ඩලීය නිවාස ආධාර වැඩසටහන 2029 ජූනි 30 දක්වා දිගු කර ඇති අතර, වයස්ගත ඔස්ට්‍රේලියානුවන් 830,000කට පමණ තම නිවසේම අවශ්‍ය සහාය දිගටම ලබාගැනීමට හැකිවනු ඇති.









