ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා.
විශේෂයෙන් පැරණි නිවාස සහ විශාල ඉඩම් වෙනුවට, එකම ඉඩමක නිවාස කිහිපයක් හෝ නව නිවාස සංකීර්ණ ඉදිකිරීම මේ වනවිට බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙනවා.
ජනගහනය ඉහළ යාම, නිවාස සඳහා ඇති ඉල්ලුම සහ නගරවල ඉඩම් මිල ඉහළ යාමත් සමඟ මෙම සංවර්ධන ව්‍යාපෘති වේගවත් වී ඇති බව සඳහන්.
නමුත් ඇතැම් පදිංචිකරුවන් පවසන්නේ, මේ වෙනස්කම් නිසා කලක් තිබූ හරිත පරිසරය, විවෘත ඉඩකඩ සහ තම ප්‍රදේශයේ පැරණි ස්වභාවය ක්‍රමයෙන් අහිමි වෙමින් පවතින බවයි.
එමෙන්ම නව නිවාස විශාල වශයෙන් ඉදිවීමත් සමඟ මාර්ග තදබදය, පාසල් සහ පොදු ප්‍රවාහන සේවා සඳහා ඇති පීඩනයද ඉහළ යා හැකි බවට අවධානය යොමුව තිබෙනවා.
කෙසේ වෙතත්, ජනගහන වර්ධනයට අවශ්‍ය නිවාස සැපයීම සඳහා මෙවැනි සංවර්ධනය අත්‍යවශ්‍ය බවද පෙන්වා දෙනවා.
මේ අතර, ඔස්ට්‍රේලියාව පුරා වේගයෙන් වෙනස් වෙමින් පවතින උපනගර පිළිබඳව පදිංචිකරුවන්ගේ අවධානය සහ කනස්සල්ල තවදුරටත් ඉහළ යමින් පවතිනවා.









