ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වාර්ෂික ලාභයේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා කර තිබෙනවා.
ජූනි 30න් අවසන් වූ මූල්‍ය වසර සඳහා සමාගමේ බදු පෙර ලාභය ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 2.06ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පෙර වසරේ ඩොලර් බිලියන 2.39ට සාපේක්ෂව 13.8%ක පහළ යාමක්.
ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ජෙට් ඉන්ධන මිල දෙගුණයකටත් වඩා ඉහළ යාමයි.
ඉන්ධන මිලේ බලපෑම අඩු කරගැනීමට Qantas විසින් ඉන්ධන මිල ආවරණ ක්‍රම භාවිත කළත්, පිරිපහදු ආන්තිකයේ වෙනස්වීම් හේතුවෙන් සමාගමට තවදුරටත් බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ අතර Qantas සමාගම සිය දැවැන්ත Airbus A380 යානා සමූහය 2028 වසරේ සිට ක්‍රමයෙන් විශ්‍රාම ගැන්වීමට සැලසුම් කර තිබෙනවා.
Project Sunrise වැඩසටහන සහ 2027 සිට ලැබීමට නියමිත Boeing 787-9 යානා සමඟ නව wide-body යානා භාවිතය වැඩි කරමින් මෙලෙස A380 යානා ඉවත් කිරීමට සමාගම සැලසුම් කරන්නේ ව්‍යාපාරයේ ප්‍රාග්ධන කාර්යක්ෂමතාව වැඩි කරගැනීමේ අරමුණින්.
එමෙන්ම 2030 සිට ලබාගැනීමට නියමිත තවත් ගුවන් යානා 20ක් සම්බන්ධයෙන් Airbus සහ Boeing සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් Qantas පවසනවා.
කෙසේ වෙතත් පෙබරවාරි මාසයේදී ප්‍රකාශයට පත් කළ ඩොලර් මිලියන 150ක share buyback වැඩසටහන ක්‍රියාත්මක නොකර අවලංගු කිරීමටත් Qantas තීරණය කර තිබෙනවා.









