ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා.
නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම් කෝපි වැනි පානයන් දමන විට Single-use Coffee Cups වලින් Microplastic අංශු විශාල ප්‍රමාණයක් පානයට එක්විය හැකි බවයි.
විශේෂයෙන් කෝප්පයේ ඇතුළත ඇති plastic lining එක උණුසුම් දියර සමඟ සම්බන්ධ වීමේදී මෙම අංශු නිකුත් විය හැකි බව පර්යේෂණයෙන් පෙන්වා දෙනවා.
දිනපතා takeaway coffee පානය කරන පුද්ගලයන් මෙවැනි කෝප්ප නිරන්තරයෙන් භාවිත කිරීම හේතුවෙන් microplastics වලට නිරාවරණය වීම පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වනවිට මිනිස් සෞඛ්‍යයට එයින් ඇතිවන දිගුකාලීන බලපෑම පිළිබඳව තවදුරටත් පර්යේෂණ අවශ්‍ය බව විශේෂඥයන් පෙන්වා දෙනවා.
Dietitian සහ nutritionist Susie Burrell ද takeaway coffee cups භාවිතය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, microplastic නිරාවරණය අඩු කරගැනීමට විකල්ප ක්‍රම භාවිත කළ හැකි බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, හැකි අවස්ථාවලදී නැවත භාවිත කළ හැකි reusable coffee cup එකක් භාවිත කිරීම takeaway coffee සමඟ ඇති විය හැකි microplastic නිරාවරණය අඩු කරගැනීමේ සරල පියවරක් ලෙස සැලකිය හැකියි.









