ඔස්ට්‍රේලියාවට මේ වසරේ වාර්තාගත ලෙස වැඩිම වැසි ලැබුණු El Niño වසරක් බවට පත්වීමට ඉඩ ඇති බව අද මාධ්‍ය වාර්තා කරනවා.
සාමාන්‍යයෙන් El Niño තත්ත්වයක් ඔස්ට්‍රේලියාවට වියළි කාලගුණයක් සහ නියඟ අවදානමක් ගෙන එන නමුත්, 2026දී තත්ත්වය වෙනස් වී ඇති බවයි කාලගුණ අංශ පෙන්වාදෙන්නේ.
මේ වසර පුරා රටේ විවිධ ප්‍රදේශවලට කිහිප වතාවක්ම පුළුල් වැසි තත්ත්ව ඇතිවුණා.
තවත් විශාල රේන් බෑන්ඩ් එකක් මේ සතියේ ඔස්ට්‍රේලියාව හරහා ගමන් කරමින් ප්‍රදේශ රැසකට තවත් වැසි ගෙන ඒමට නියමිතයි.
මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් 2026 ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තෙත්ම El Niño වසර බවට පත්විය හැකි බවයි කාලගුණ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
El Niño බලපෑම ස්ප්‍රිං සමයේදී ක්‍රමයෙන් අඩුවී සමර් වන විට තවත් දුර්වල වනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.
ඒ අනුව ඉදිරි මාසවල ඔස්ට්‍රේලියාව පුරා දිගුකාලීන පුළුල් නියඟ තත්ත්වයක් ඇතිවීමේ අවදානම දැනට අඩු බවයි වාර්තා පළවන්නේ.









