Queensland හි Biloela ප්රදේශයේ පවතින බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව අද නව වාර්තාවක් මගින් අවධානය යොමු කර තිබෙනවා.
ජනගහනය 6,000කටත් අඩු මෙම ප්‍රදේශය ඔස්ට්‍රේලියාව තුළ ඉහළ සිය දිවි නසා ගැනීමක් වාර්තා වන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති අතර, ප්‍රදේශවාසීන්ට අවශ්‍ය මානසික සෞඛ්‍ය සේවා ලබාගැනීමද ඉතා අපහසු බවයි වාර්තා වන්නේ.
Biloela නගරයේ ස්ථිර මනෝවිද්‍යාඥයෙකු නොමැති අතර, බොහෝ උපදේශන සහ මනෝවිද්‍යාත්මක හමුවීම් ලබාදෙන්නේ telehealth හරහායි.
Fly-in fly-out psychologist කෙනෙකු හමුවීමට ලැබුණත්, ඇතැම් රෝගීන්ට මාස ගණනක් හෝ වසර ගණනක් බලා සිටීමට සිදුවන බව ප්‍රදේශවාසීන් පවසනවා.
විශේෂඥ මනෝවිද්‍යාඥයෙකු හමුවීමට වෙනත් නගරයකට ගමන් කිරීමටත් සිදුවන අතර, එක් ප්‍රදේශවාසියෙකු Rockhampton වෙත ගොස් මනෝ වෛද්‍ය හමුවක් සඳහා ඩොලර් 650කට වැඩි මුදලක් ගෙවූ බවද වාර්තාවේ සඳහන්.
Biloela Hospital එකේද සේවක හිඟයක් පවතින බවත්, ඇතැම් සේවකයන් දිගු පැය සහ double shifts වැඩ කරන බවත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
මේ තත්ත්වයට ප්‍රතිචාරයක් ලෙස ප්‍රදේශවාසීන් විසින් Mental Fishing නමින් ප්‍රජා සංවිධානයක් ආරම්භ කර ඇති අතර, මසුන් ඇල්ලීම වැනි සමාජ ක්‍රියාකාරකම් හරහා මානසික සෞඛ්‍යය පිළිබඳ කතා කිරීමට සහ එකිනෙකාට සහාය වීමට අවස්ථාව සලසා තිබෙනවා.
මේ වනවිට එම වැඩසටහනට ඔස්ට්‍රේලියාව පුරා සාමාජිකයන් 400කට වැඩි පිරිසක් සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.









