මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා.
නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන් 24,000කට වැඩි පිරිසකගෙන් ලබාගත් අදහස් සහ නගර විශේෂඥයන්ගේ ඇගයීම් මත මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත.
මෙහිදී රාත්‍රී ජීවිතයේ ගුණාත්මකභාවය, මිල ගණන්, ආරක්ෂාව, විවිධත්වය, විනෝදාස්වාද අවස්ථා සහ ප්‍රජාමය හැඟීම වැනි කරුණු සලකා බලා තිබෙනවා.
මෙල්බන් පදිංචිකරුවන්ගෙන් සියයට 77ක් නගරයේ රාත්‍රී ජීවිතය හොඳ හෝ විශිෂ්ට මට්ටමක පවතින බව පවසා තිබෙන අතර, සියයට 59ක් රාත්‍රී ජීවිතය තුළ ප්‍රජාමය හැඟීම ඉහළ මට්ටමක පවතින බවටයි ප්‍රතිචාර දක්වා තිබෙන්නේ.
මෙල්බන්හි විශේෂයෙන් ජනප්‍රිය වී ඇත්තේ casual pubs සහ cocktail bars වන අතර, පිළිවෙළින් සියයට 72ක් සහ සියයට 61ක් ඒවා නගරයේ රාත්‍රී ජීවිතයේ ප්‍රධාන ආකර්ෂණ ලෙස හඳුන්වා තිබෙනවා.
මෙම ලැයිස්තුවේ Bangkok පළමු ස්ථානයටත්, Berlin දෙවැනි ස්ථානයටත්, New York තුන්වැනි ස්ථානයටත් පත්ව ඇති අතර, මෙල්බන් ඔස්ට්‍රේලියාවේ රාත්‍රී ජීවිතය සඳහා හොඳම නගරය බවටද පත්ව තිබෙනවා.
මේ අතර, මෙල්බන්හි රාත්‍රී ආර්ථිකයද වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, 2024 සිට 2025 දක්වා නව රැකියා 3,000කට ආසන්න ප්‍රමාණයක් සහ රාත්‍රී ව්‍යාපාරික ස්ථාන 180කට ආසන්න සංඛ්‍යාවක් එක්වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව, මෙල්බන් දවල් කාලයේ පමණක් නොව, රාත්‍රී කාලයේදීත් ලෝකයේ ඉහළම නගර අතරට පැමිණ ඇති බවයි මෙම නවතම ශ්‍රේණිගත කිරීමෙන් තහවුරු වන්නේ.









