ඔස්ට්‍රේලියාව “ෆොරෙවර් රෙන්ට්” රටවල් අතර ඉහළ ස්ථානයකට පත්ව ඇති බව නව ජාත්‍යන්තර දර්ශකයකින් පෙන්වා දී තිබෙනවා.
OECD රටවල් 39ක් අතර ඔස්ට්‍රේලියාව 15වන ස්ථානයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
වාර්තාවට අනුව ඕස්ට්‍රේලියානු නිවාස වලින් 31.7%ක් පමණ කුලී නිවාසවල ජීවත් වෙනවා.
නිවාස මිල වේගයෙන් ඉහළ යාමත්, ආදායම එතරම් වේගයෙන් නොවැඩීමත් මේ තත්ත්වයට ප්‍රධාන හේතු ලෙසයි දැක්වෙන්නේ.
විශේෂයෙන් තරුණ පිරිස් සහ පළමු වරට නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට තමන්ගේම නිවසක් මිලදී ගැනීම තවත් අමාරු වී තිබෙනවා.
ඉහළ පොලී අනුපාත, වැඩි තැන්පතු අවශ්‍යතා සහ ජීවන වියදම්ද නිවාස හිමිකම තවත් බාධාවක් වී ඇති බව සඳහන්.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ දිගුකාලීනව කුලී නිවාසවල ජීවත් වන පිරිස තවදුරටත් වැඩි විය හැකි බවටයි විශේෂඥයන් අනතුරු අඟවන්නේ.









