ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් 2009 වසරේදී තැබූ මීටර් 100 ලෝක වාර්තාව බිඳ හෙළීමට චීනයේ නිෂ්පාදිත රොබෝවරයෙකු සමත්ව තිබෙනවා.
චීනයේ බීජිං නුවර ආරම්භ වූ දෙවන World Humanoid Robot Gamesහි සිදු කළ පෙර පුහුණු දිවීමකදී Lightning නමැති මෙම රොබෝවරයා මීටර් 100ක දුර තත්පර 9.32කින් නිම කිරීමට සමත් වුණා.
Honor තාක්ෂණික සමාගම මගින් නිර්මාණය කරන ලද මෙම රොබෝවරයා තත්පරයට මීටර් 14.5ක උපරිම වේගයක් වාර්තා කළ බව සඳහන් වනවා.
මීට පෙර පැවැති අර්ධ මැරතන් තරඟයක් ද පැයක් ඇතුළත නිම කරමින් වාර්තා අතරට එක්වූ මෙම රොබෝවරයාගේ පාදවල දිග මෑතකදී අඟල් 4 කින් පමණ වැඩි කිරීමට පර්යේෂකයින් කටයුතු කර තිබෙනවා.
රටවල් 16කින් කණ්ඩායම් 666ක් නියෝජනය කරමින් රොබෝ ක්‍රීඩකයින් 2,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මෙම රොබෝ ක්‍රීඩා උළෙලේදී ඉදිරියේදී තවත් ලෝක වාර්තා රැසක් බිඳවැටෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.









