ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා.
පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 130,000ක් ලෙස සීමා කළත්, අත්‍යවශ්‍ය රැකියා සඳහා තවත් 100,000ක් පමණ ගෙන්වීමට ඉඩ තිබිය යුතු බවයි.
ඒ අනුව සමස්ත සංඛ්‍යාව 230,000කට ආසන්න විය හැකි අතර, එය පක්ෂයේ නිල ප්‍රතිපත්තියට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් වනවා. කෙසේ වෙතත් One Nation නායිකා Pauline Hanson අවධාරණය කර ඇත්තේ පක්ෂයේ නිල ප්‍රතිපත්තිය තවදුරටත් වාර්ෂික සංක්‍රමණික පැමිණීම් 130,000කට සීමා කිරීම බවයි.
David Farleyගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂයේ Barnaby Joyce පවසා ඇත්තේ එය පාර්ලිමේන්තුවට අලුත් මන්ත්‍රීවරයෙකුගෙන් සිදුවූ අත්වැරදීමක් බවයි.
Farley පෙන්වා දෙන්නේ ගොවිතැන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා විදේශීය සේවකයන් අවශ්‍ය බවයි.
මේ අතර මෙම පරස්පර ප්‍රකාශ හේතුවෙන් One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳව තවදුරටත් විවාදයක් ඇතිවී තිබෙනවා.









