මෙල්බන් Broadmeadows හි පිහිටි මෙල්බර්න් ආගමන රැඳවුම් මධ්‍යස්ථානය (Melbourne Immigration Detention Centre එක) තුළ දරුණු ගැටුමක් හටගෙන තිබෙනවා.
වාර්තා අනුව පුද්ගලයන් 12 දෙනෙකු පමණ මෙම ගැටුමට සම්බන්ධ වී ඇති අතර, පිරිස් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ගැටුමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයන් තිදෙනෙකුට Ambulance Victoria විසින් ප්‍රතිකාර ලබාදී රෝහල්ගත කර තිබෙනවා.
ඔවුන් තිදෙනාම ස්ථාවර තත්ත්වයේ පසුවන බව Ambulance Victoria තහවුරු කළා.
ගැටුමෙන් අනතුරුව පොදු ප්‍රදේශයක් පරීක්ෂා කිරීමේදී තාවකාලිකව සකස් කළ තියුණු ආයුධ කිහිපයක් හමුවී ඇති බවද වාර්තා වනවා.
මෙම මධ්‍යස්ථානයේ රටින් පිටුවහල් කිරීමට බලා සිටින ඇතැම් පුද්ගලයන් සහ වීසා නීති උල්ලංඝනය කළ පුද්ගලයන් රඳවා සිටිනවා.
Australian Border Force විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සහ සමාලෝචනයක් සිදුකරමින් සිටින බවයි තහවුරු කර ඇත්තේ.









