බටහිර ඔස්ට්‍රේලියාවේ Kalgoorlie-Boulder ප්‍රදේශයේදී නිරුවතින් ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකුට සිරගත නොකර අත්හිටවූ දඬුවමක් ලබාදී තිබෙනවා.
26 හැවිරිදි Brian Charles Parfitt ගිලන් රථය මතට නැග, හිසෙන් ඉදිරි වීදුරුවට නැවත නැවත පහරදී එය බිඳ දමා තිබුණා.
ඔහු ගිලන් රථය තුළට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ එහි සිටි පරිපූරක වෛද්‍යවරුන් ජීවිත බේරාගැනීමට පිටතට දිවගොස් තිබෙනවා.
මෙම සිද්ධියෙන් ගිලන් රථයට ඩොලර් 4,000ක පමණ අලාභයක් සිදුව ඇති බව අධිකරණයට දැනුම් දී තිබුණා.
විත්තිකරු මානසික සෞඛ්‍ය ගැටලුවකට මුහුණදී සිටීම සහ දැනටමත් දින 261ක් රක්ෂිත බන්ධනාගාරයේ සිටීම සැලකිල්ලට ගනිමින් මාස 13ක අත්හිටවූ සිර දඬුවමක් සහ ඩොලර් 100ක දඩයක් නියම කර තිබෙනවා.
විනිසුරුවරිය මෙය ඔහුට ලැබෙන “අවසන් අවස්ථාව” විය හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා.
බටහිර ඔස්ට්‍රේලියාවේ පරිපූරක වෛද්‍යවරුන්ට එල්ලවන ප්‍රහාර 2025දී සියයට 11.9කින් ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙනවා.









