Australia Post සහ StarTrack සමාගම් Christmas කාලයේ වැඩිවන parcel demand එකට සූදානම් වෙමින් රට පුරා රැකියා 3,500කට වැඩි ප්‍රමාණයක් සඳහා බඳවා ගැනීම් ආරම්භ කර තිබෙනවා.
මෙම රැකියා metropolitan සහ regional Australia ප්‍රදේශ දෙකේම ලබාදීමට නියමිතයි.
විශේෂයෙන් truck drivers සහ forklift operators සඳහා වැඩි ඉල්ලුමක් පවතින අතර, parcel sorters, freight handlers සහ van drivers සඳහාද අවස්ථා තිබෙනවා.
Truck driver රැකියා සැප්තැම්බර් මුල සිට ආරම්භ කිරීමට නියමිත අතර, parcel processing, freight handling, van driving සහ forklift රැකියා ඔක්තෝබර් මැද සිට ආරම්භ වනු ඇති.
Australia Post පවසන්නේ පසුගිය Christmas කාලයේදී parcels මිලියන 111ක් පමණ බෙදාහැර ඇති බවයි.
Seasonal රැකියා ලෙස ආරම්භ කරන මෙම අවස්ථා සමහරුන්ට පසුව දිගුකාලීන රැකියා අවස්ථා බවට පත්විය හැකි බවද Australia Post සඳහන් කරනවා.
අයදුම්පත් දැන් භාරගන්නා අතර Australia Post careers website එක හරහා අයදුම් කළ හැකියි.
Careers at AusPost – Join Our Team Today | Australia Post









