වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා.
වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට වැඩි ප්‍රමාණයක් දුම්රිය ජාලයට එක් කරන බවයි.
මෙම අමතර සේවා ක්‍රියාත්මක කිරීමට Metro Tunnel ව්‍යාපෘතියෙන් ලැබෙන නව ධාරිතාව උපකාරී වී තිබෙනවා.
ඒ සමඟම Melbourne සහ regional Victoria හි තෝරාගත් බස් සහ coach සේවා සඳහා නව කාලසටහන් අද සිට ක්‍රියාත්මක වෙනවා.
මෙම බස් සහ coach වේලාවන් වෙනස් කර ඇත්තේ නව දුම්රිය කාලසටහන් සමඟ සම්බන්ධතා වඩා හොඳින් ගැළපෙන ලෙසයි.
Geelong, Seymour, Wallan, Eltham, Macleod, Mernda–Craigieburn ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් සේවා වෙනස් වන අතර, Yarram–Leongatha, Bright–Wangaratta සහ Bairnsdale–Sale–Traralgon වැනි coach සේවා කිහිපයකටත් වෙනස්කම් අදාළයි.
ඒ නිසා අද සිට පොදු ප්‍රවාහනය භාවිතා කරන මගීන්ට තම ගමනට පෙර නව වේලාවන් PTV App එකෙන් හෝ Transport Victoria වෙබ් අඩවියෙන් පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබෙනවා.









