ජංගම දුරකථන මඟින් විශාල ප්‍රමාණයේ බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.
බොන්ඩ් විශ්වවිද්‍යාලය සහ මර්ඩොක් විශ්ව විද්‍යාලය සම්බන්ධ පර්යේෂක වෛද්‍ය ලොටි ටජෝරිගේ කණ්ඩායම ජංගම දුරකථන 95ක් පරීක්ෂා කර ඇති අතර, ඒවා මත ක්ෂුද්‍ර ජීවීන් 17,000කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම ජීවීන් අතර බැක්ටීරියා, වෛරස්, දිලීර සහ පරාජීවීන් මෙන්ම ඖෂධවලට ප්‍රතිරෝධී ජීවීන්ද හමුවී තිබෙනවා.
පර්යේෂණයට සහභාගි වූ පුද්ගලයන්ගෙන් 80%ක් පොදු වැසිකිළිවලදීත් තම දුරකථනය භාවිතා කරන බව පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂඥයන් පවසන්නේ අත, මුහුණ සහ දුරකථනය අතර නිතර සිදුවන ස්පර්ශය හේතුවෙන් මෙම ජීවීන් පහසුවෙන් පැතිරිය හැකි බවයි.
දුරකථනය පිරිසිදු කිරීම සඳහා මෘදු මයික්‍රො ෆයිබර් රෙදි කැබැල්ලක් භාවිතා කළ හැකි අතර, විෂබීජ නාශනය සඳහා 70%කට වඩා වැඩි නොවන අයිසොප්‍රොපයිල් මධ්‍යසාර පිසදැමීමක් භාවිතා කළ හැකි බවද උපදෙස් දී තිබෙනවා.
විශේෂඥයන් සතියකට වරක් පමණ දුරකථනය පිරිසිදු කිරීම සුදුසු බවත්, බ්ලීච් හෝ වෙනත් දැඩි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වළකින්නැයිත් උපදෙස් දෙනවා.









