Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිද්ධිය Bali හි Tibubeneng ප්‍රදේශයේදී සිදුව ඇති බවත්, එම අවස්ථාව ආරක්ෂක කැමරා දර්ශනවල සටහන් වී ඇති බවත් වාර්තා වනවා.
පසුව එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත් සමඟ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර සැකකරු හඳුනාගෙන තිබෙනවා.
ඔහු Brisbane බලා ආපසු යාමට සූදානම්ව සිටියදී Bali ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
පොලීසියට අනුව අදාළ පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති අතර, එම අවස්ථාවේ මත්පැන් පානය කර සිටි බවටද ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් සිද්ධියට අදාළ නිවසේ හිමිකරුවන් විසින් නීතිමය පැමිණිල්ලක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඔහුට එරෙහි අපරාධ නඩු කටයුතු ඉදිරියට ගෙන යාමට නොහැකි වී ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු ජාතිකයා ඉන්දුනීසියාවෙන් පිටුවහල් කිරීම සඳහා ආගමන බලධාරීන් වෙත භාරදී ඇති අතර, ඔහුට Bali වෙත නැවත පැමිණීම සම්බන්ධයෙන්ද සීමා පැනවිය හැකි බවටයි වාර්තා වන්නේ.









