නේපාල–ටිබෙට් දේශසීමාවේ ඇතිවූ දරුණු ගංවතුරෙන් අතුරුදන් ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අතුරුදන් පිරිස අතර Aarush සහ Ashwin Muralitharan නමැති වයස අවුරුදු 11 සහ 14ක පිරිමි දරුවන් දෙදෙනෙකුද සිටිනවා.
ඔවුන් සිය දෙමාපියන් සමඟ ඔස්ට්‍රේලියානුවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචාරක කණ්ඩායමක ගමන් කරමින් සිට ඇති බව සඳහන්.
විදේශ අමාත්‍ය Penny Wong පැවසුවේ අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු තහවුරු කරගැනීමට නිලධාරීන් හදිසි මෙහෙයුමක නිරතව සිටින බවයි.
මෙම ව්‍යසනයෙන් පුද්ගලයන් 390කට වැඩි පිරිසක් මියගොස්, 1,400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටිනවා.
ඔස්ට්‍රේලියානු රජය විපතට පත් ජනතාව වෙනුවෙන් ඩොලර් මිලියන 5ක මානුෂීය ආධාරයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අලුතින් නිර්මාණය වූ විල් පුපුරා තවත් ගංවතුරක් ඇතිවීමේ අවදානමක්ද පවතින බව බලධාරීන් අනතුරු අඟවනවා.









