උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් විපක්ෂ සන්ධානය විසින් අධිකරණ පද්ධතියේ විශේෂ වෙනසක් සිදුකිරීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, දැනට පවතින අභියාචනාධිකරණය (Court of Appeal) කොටස් දෙකකට වෙන්කර, අපරාධ නඩු සම්බන්ධයෙන් පමණක් තීන්දු දීම සඳහා ‘අපරාධ අභියාචනාධිකරණයක්’ (Court of Criminal Appeal) ස්ථාපිත කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.

Banner 01

වික්ටෝරියානු විපක්ෂයේ නායකයින් පවසන්නේ, බරපතල අපරාධ සඳහා ලබාදෙන දඬුවම් මහජන බලාපොරොත්තු සහ සමාජ ආරක්ෂාවට ගැළපෙන පරිදි දැඩි කිරීමට මෙම පියවර ගන්නා බවයි.

Advertisement

අපරාධ නීතිය පිළිබඳ මනා පළපුරුද්දක් ඇති විනිසුරුවරුන් මෙම නව අධිකරණයට පත්කිරීමට නියමිත අතර, එමගින් වරදකරුවන්ට හිමිවන දඬුවම් ලිහිල් වීම වැළැක්වීමට හැකිවනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් වික්ටෝරියානු නීති ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වයන් දැඩි කනස්සල්ල පළකර සිටිනවා.

Advertisement

නීති සංගමයේ නියෝජිතයින් පෙන්වා දෙන්නේ, දේශපාලන අවශ්‍යතා මත අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීමට ආණ්ඩුවක් උත්සාහ කිරීම මගින් ස්වාධීන අධිකරණ පද්ධතියට සහ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බවයි.

කෙසේ වෙතත්, මෙමගින් නඩු විසඳීමේ කාලය තවදුරටත් ප්‍රමාද විය හැකි බවයි වත්මන් රජය පවසන්නේ.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා...

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින විදේශීය හෙදියන්, ගුරුවරුන් සහ වෙනත් දක්ෂ සේවකයන්ට වීසා තීරණයක් ලබාගැනීමට මාස 12ක් දක්වා බලා සිටීමට සිදුවිය...

වන් නේෂන් නායිකා පෝලින් හැන්සන්, වාර්ගික වෙනස්කම් කිරීම පනතේ 18C වගන්තිය සම්බන්ධ නඩුව මහාධිකරණයට ගෙන යාමට අවසර ඉල්ලා තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී මිල පසුගිය වසර කිහිපය තුළ දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව නව දත්ත පෙන්වනවා. Sydney, Melbourne සහ...

ඔස්ට්‍රේලියානු මාධ්‍ය ක්ෂේත්‍රයට නව පියවරක් තබමින් AusLanka TV මාධ්‍ය ජාලය විසින් මෙහෙයවන AusTV අද නිල වශයෙන් ආරම්භ කෙරුණා. AusTV නිල...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ ඉතිරිව සිටින මුහුදු සිංහයන් 12,000කට පමණ දරුණු Bird Flu වෛරසයෙන් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මියගිය දිගු...

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අධිකරණ පද්ධතියේ දැවැන්ත වෙනසකට වික්ටෝරියා විපක්ෂයෙන් අලුත් සැලසුමක්

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පහළට – පොලී අනුපාත ඉහළ යාමේ අවදානම තවමත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙය ඉදිරි

Read More »

Murray-Darling වෙනුවෙන් වික්ටෝරියාවට $ මිලියන 140ක දැවැන්ත සහනයක්

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. ෆෙඩරල් රජයේ ‘Sustainable

Read More »

Sydney ගුවන් තොටුපළේ දමා ගිය උපකරණවලින් සොයාගත් ළමා ලිංගික අපරාධකරු

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා ගැනීමට Australian Federal Police සමත්ව

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom