ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා.
Federal Education Minister Jason Clare පවසන්නේ පාසල් සිසුන්ට Digital Detox එකක් ලබාදීම සම්බන්ධයෙන් සාධාරණ තර්කයක් පවතින බවයි.
ඔහුගේ ප්‍රකාශයෙන් පසුව මෙම අදහසට සහය දක්වමින් දෙමාපියන් සහ ගුරුවරුන්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබී ඇති බව සඳහන්.
මේ අතර Victoria රජය ලබන වසරේ සිට Primary schools වල Bring Your Own Device හෙවත් BYOD වැඩසටහන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම Year 3 සිට Year 6 දක්වා සිසුන්ගේ screen භාවිතය දිනකට විනාඩි 90කට සීමා කිරීමටද නව සැලසුම යටතේ පියවර ගෙන තිබෙනවා.
High schools සඳහාද සියලුම සිසුන්ට screen-free learning periods ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.
ගුරුවරුන් සහ දෙමාපියන් පෙන්වා දෙන්නේ Digital devices අධික ලෙස භාවිත කිරීම සිසුන්ගේ අවධානයට බාධා කරන බැවින් ඉගෙනීම සඳහා වැඩි අවධානයක් ලබාදීමට අවශ්‍ය බවයි.
කෙසේ වෙතත් පාසල් අධ්‍යාපනයේදී තාක්ෂණය සම්පූර්ණයෙන් ඉවත් කිරීම වෙනුවට, ඉගෙනීමට ප්‍රයෝජනවත් අවස්ථාවලදී එය නිසි ලෙස භාවිත කිරීම පිළිබඳවද සාකච්ඡා වෙමින් පවතිනවා.









