Home Loans සඳහා අයදුම් කිරීමේදී, ඔබ විසින් සිදුකරන ඇතැම් සාමාන්‍ය ගනුදෙනු නිසා ණය අනුමත වීම අහිමි වී යාමේ අවදානමක් පවතින බවට ඔස්ට්‍රේලියානු මූල්‍ය සහ උකස් තැරැව්කරුවන් (Mortgage Brokers) අනතුරු අඟවනවා.
Nectar Mortgages ආයතනයේ උකස් තැරැව්කාර James Marsh පෙන්වා දෙන්නේ බැංකු විසින් ණය අයදුම්පත් ඇගයීමේදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුකරන ‘අනතුරු ඇඟවීමේ සංඥා’ (Red Flags) කිහිපයක් පවතින බවයි.
ඒ අතරින් නිතර සිදුකරන Gambling, Buy Now, Pay Later, Payday Loans සහ ගිණුම්වල ශේෂය ඉක්මවා මුදල් ලබාගැනීම් ප්‍රධාන වනවා.
මීට අමතරව අයදුම්පතේ සඟවන ලද ඕනෑම නොදැක්වූ ගනුදෙනුවක් බැංකුවල සැකයට භාජනය විය හැකි බවත්, ණය ලබාගැනීමට මාස 3කට පෙර සිටවත් සිය ගිණුම් වාර්තා නිසි ලෙස පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවත් ඔහු පවසනවා.
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) විසින් නිල පොලී අනුපාතය 4.35% දක්වා ඉහළ නැංවීමත් සමඟ ජනතාවගේ ණය ගැනීමේ හැකියාව දැනටමත් සීමා වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නවතම දත්තවලින් හෙළිවී ඇත්තේ නව නිවාස ණය ලබාගැනීම ඩොලර් බිලියන 5.4කින් පහත වැටී ඇති බවයි.









