ජානමය වශයෙන් කිසිදු ඥාති සබඳතාවයක් නැති දරුවන් දෙදෙනෙකු එකම කුසකින් නිවුන් දරුවන් ලෙස බිහි කිරීමේ අසාමාන්‍ය පුවතක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
27 හැවිරිදි Surrogate Mother කෙනෙකු වෙනත් යුවළක් වෙනුවෙන් IVF ඔස්සේ කළලයක් ලබාගෙන ගර්භණී වී ඇති අතර, ඒ ආසන්න කාලයේදීම ඇය සිය සහකරුගෙන් ද ස්වාභාවික ලෙස ගැබ්ගෙන තිබෙනවා.
පසුව සිදුකළ DNA පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ උපත ලැබූ පිරිමි දරුවා ආදේශක මවගේ සහ ඇගේ සහකරුගේ ජීව විද්‍යාත්මක දරුවා වන අතර, ගැහැනු දරුවා අදාළ අනෙක් යුවළගේ ජීව විද්‍යාත්මක දරුවා බවයි.
දෙමාපිය යුවළ දෙක අතර කිසිදු ගැටලුවක් නොමැතිව දරුවන් වෙන වෙනම හදාගැනීමට එකඟ වී ඇතත්, ඔස්ට්‍රේලියානු ආදේශක මාතෘත්ව නීති මගින් නිවුන් දරුවන් වෙන්කිරීම තහනම් කර තිබීම නිසා මෙම ගැටලුව ක්වීන්ස්ලන්ඩ් ළමා අධිකරණය වෙත යොමු කෙරුණා.
එහිදී විනිසුරුවරිය තීන්දු කළේ මෙම දරුවන් දෙදෙනා ජානමය වශයෙන් සහෝදරයන් නොවන බැවින් ඔවුන් වෙන්කිරීමෙන් මානසික හානියක් සිදුනොවන බවයි.
ලොව පුරා දැඩි අවධානයට ලක්වූ මෙම දුර්ලභ වෛද්‍ය විද්‍යාත්මක සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී පර්යේෂණ රැසක් පැවැත්වීමට ද වෛද්‍ය පර්යේෂකයන් සූදානම් වනවා.









