නේපාල ගංවතුර ව්‍යසනයෙන් අතුරුදහන්ව සිටි 26 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික Cara Severino නමැති යුවතිය, ආරක්ෂිතව සිය දෙමාපියන් ඇමතීමට සමත්ව තිබෙනවා.
ජලගැලීම්වලට ඍජුව හසුනොවූ Kyangjin Gompa ප්‍රදේශයේ රැඳී සිටි ඇය, මේ වන විට තවත් සංචාරකයින් පිරිසක් සමඟ Gosainkunda ප්‍රදේශයට පැමිණ ඇති අතර, ඔවුන් පා ගමනින් කත්මණ්ඩු අගනුවර වෙත ළඟාවීමට උත්සාහ කරමින් සිටින බවයි ඇගේ දෙමාපියන් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, පුද්ගලයින් 460කට වැඩි පිරිසක් මියගොස්, තවත් 1,400කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති මෙම ස්වාභාවික ව්‍යසනයෙන් තවමත් ඔස්ට්‍රේලියානු ජාතිකයින් 39 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.
ඒ අතරට සිඩ්නි නුවර පදිංචි මුරලිදරන් පවුලේ දෙමාපියන් සහ කුඩා දරුවන් දෙදෙනා ද ඇතුළත්.
අධික දුෂ්කර භූමිය සහ අයහපත් කාලගුණය හමුවේ නේපාල සහන සේවා කටයුතු ඉතා මන්දගාමී වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය හදිසි මානුෂීය ආධාර කණ්ඩායම් එම ප්‍රදේශ වෙත යොමුකිරීමට ද පියවර ගෙන තිබෙනවා.









