මෙල්බන්හි Darebin නගර සභාව විසින් මාස හයක් පුරා පවත්වන ලද Lime e-bike සහ e-scooter පරීක්ෂණ ව්‍යාපෘතිය අහෝසි කිරීමට ඒකමතිකව තීරණය කර තිබෙනවා.
මෙම සේවාව සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිචාරවලින් 93%ක් සෘණාත්මක ප්‍රතිචාර වීම මෙම තීරණයට ප්‍රධාන හේතුවයි.
මෙම e-bike සහ e-scooter නිසි ලෙස park නොකිරීම හේතුවෙන් පාරවල් අවහිරවීම මෙන්ම හෙල්මට් නොමැතිව පදික වේදිකා මත ධාවනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් දැඩි චෝදනා එල්ල වුණා.
පරීක්ෂාවලදී අනාවරණය වී ඇත්තේ නියමිත නැවැත්වීමේ ස්ථානවලින් 30%කම මේවා අක්‍රමවත් ලෙස දමා තිබූ බවයි.
කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් පරිසරවේදීන් සහ ඇතැම් මන්ත්‍රීවරුන් සිය කණගාටුව පළ කර සිටිනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ පරිසරයට සිදුවන කාබන් විමෝචනය අඩු කිරීමට උපකාරී වූ මෙවැනි ව්‍යාපෘතියක් අත්හැරීම කණගාටුදායක බවයි.









