ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක් වන Woolworths, තම shopping basketsවල සැලසුම නැවතත් වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මීට පෙර පැවැති one handle baskets වෙනුවට පාරිභෝගිකයින්ගේ ඉල්ලීම පරිදි නැවතත් two handles baskets හඳුන්වා දීමට ඔවුන් කටයුතු කළා.
ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් කිරි බෝතල් 18ක් යොදාගනිමින් වඩාත් ශක්තිමත්ව සහ පරිසර හිතකාමී ලෙස මෙම නව baskets නිපදවා ඇති බවයි Woolworths ආයතනය පවසන්නේ.
කෙසේ වෙතත්, මෙම නව සැලසුම සම්බන්ධයෙන් ද පාරිභෝගිකයින් අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඇතැම් පාරිභෝගිකයින් මෙම නව වෙනස අගය කරන අතර, තවත් පිරිසක් පවසන්නේ නව basketsවල handles විශාල වැඩි බැවින් ඒවා භාවිත කිරීම අපහසු බවයි.
පාරිභෝගිකයන්ගේ පහසුව උදෙසා කළ මෙම වෙනස මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ද ලක්ව තිබෙනවා.









